Friday, September 20, 2024

අලුත් කෝවිඩ් ව්‍යාප්තිය ගැන ඇමරිකාවෙන් ඇඟහිරි වැටෙන අනාවරණයක් වෛරසය 100% ක් වාතයට ඇතුළු වෙයි – කෝවිඩ් ගැන අති භයානක හෙළිදරව්ව මෙන්න

කොරෝනා නව ප්‍රභේද වඩා වේගයෙන් වාතය මගින් පැතිරෙන බව ඇමෙරිකාවේ අධ්‍යනයක් මගින් තහවුරු වී ඇත.

ඇල්ෆා ප්‍රභේදය ආසාදිත රෝගීන් මුල් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට වඩා 43 ගුණයේ සිට 100 ගුණයක් දක්වා වෛරසය වාතයට මුදා හරින බව මෙම පර්යේෂණය මගින් හෙළි වී ඇත.
ඇමරිකාවේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පාසල විසින් මෙම අධ්‍යනය සිදු කර ඇත.

වෛරසය ආසාදිත රෝගීන් නිසිලෙස මුව ආවරණ පැළදීම මගින් වාතය තුළ පවතින වෛරස් අංශු ප්‍රමාණය 50% කින් අවම කළ හැකි බව පරියේෂකයින් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

ඇල්ෆා ප්‍රභේදය ආසාදිත රෝගීන්, මුල් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට වඩා 43 ගුණයේ සිට සිය ගුණයක් දක්වා වෛරසය වාතයට මුදාහරින බවත් ඇල්ෆා ප්‍රභේදය ආසාදිත රෝගීන්ගේ නාසය තුළ හා ඛේට ග්‍රන්ථිවල වෛරසය බහුලව පැවතීම ඊට හේතුව බවත් පරීක්ෂකයින් පෙන්වා දෙයි.

ඩෙල්ටා ප්‍රභේදය ද අනෙකුත් ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිර යන නිසා විකෘතීන් සමග වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කෙරෝනා මර්දන එන්නත්කරණයට අමතරව නිසිලෙස මුව ආවරණ අඛණ්ඩව පැළිඳිය යුතුය.

https://today.umd.edu/successive-covid-19-variants-becoming-more-airborne-researcher-finds

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles