අලුත් ගෑස් එකට අලුත් පාටක්

0
526

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් හඳුන්වාදීමක් ලෙස වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට සූදානම් වන දෙමුහුන් (හයිබි‍්‍රඞ්) ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙනත් වර්ණයකින් ඉදිරිපත් කළ යුතු බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා මාධ්‍යයට ඊයේ (30 දා) සඳහන් කළේය.
 
 මේ පිළිබඳව අදාළ සමාගම වෙත දැනුම්දී ඇති බව ද කී රාජ්‍ය ඇමැතිවරයා නව හඳුන්වාදීමක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට සමාගමකට අයිතිය ඇතත් පාරිභෝගිකයා රැවටීමට ලක්කිරීම කළ නොහැකි බව ද කියා සිටියේය.
 
 නව ගෑස් සිලින්ඩරයේ ගෑස් ප‍්‍රමාණය සහ මිල පාරිභෝගිකයා වෙනුවෙන් සටහන් කිරීම අනිවාර්ය බවත් එම සිලින්ඩරය දැනට වෙළෙඳපොළේ ඇති අනෙකුත් ගෑස් සිලින්ඩර්වලින් වෙන්කර හඳුනා ගැනීම සඳහා මෙලෙස වෙනත් වර්ණයක් ගල්වා ඉදිරිපත් කළ යුතු බවත් රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here