අලුත් පක්ෂයේ නායකයා ගෝඨාභය?

0
954

ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවීමට නියමිත නව පක්ෂයේ නායකත්වයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමට සූදානමක් ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ මූලික වටයේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතර මහින්ද පාර්ශවයේ බහුතරයක් ගෝඨාභය නායක්තවයට පත්කිරීමට කැමැත්ත පලකර ඇත. නමුත් විපක්ෂයේ ප්‍රබල චරිත කිහිපයක්ම මෙයට විරෝධය දක්වමින් සිටින බවද විශ්වාසවන්ත ආරංචි මාර්ග කියා සිටියි.

පසුගිය දිනක අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව පක්ෂයේ නායකත්වය පිළිබඳ  තමන් තුලද යම් කැමැත්තක් ඇති බව පෙන්වාදී තිබිණි. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම වැනි විපක්ෂයේ බලපත් චරිත නව පක්ෂ නායකත්වය දෙස ඇස ගසාගෙන සිටීම හේතුවෙන් විපක්ෂය තුල අරගලයක් හටගැනීමේ අවදානමක්ද ඇති බව දැනගන්නට ලැබේ.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here