අලුත් මනාල යුවළට කුරුල්ලෙකුගෙන් බාධා

0
460

බැලූ බැල්මට එය කදිම මංගල ඡායාරූපයකි. මනාලයා සහ මනාලිය සිය නළල් තල එකට තබාගෙන අපූර්ව ලෑලි පාලමක් මත සුන්දර පසුබිමක් ඉදිරිපිට එම ඡායාරූපයට පෙනී සිටියි.

නමුත්, ගත වන්නේ නිමේෂයකි. ඒ මංගල ඡායාරූපය ලබාගත් ඡායාරූප ශිල්පියාටම තවත් අහඹු ඡායාරූපයක් සිය කැමරා කාචයේ සටහන් කරගැනීමට සිදුවෙයි.

ඒ ඔවුන් දෙදෙනාට ඉහළින්, ඔවුන්ට බාධා කරමින් වේගයෙන් පියාසර කරන කැහිබෙල්ලෙකු, ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් මනාල යුවළගේ හිසට කෙටීමට උත්සාහ කරයි.

අතිශය භයානක චිත්‍රපටයක් මෙන් නොවූවත්, ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි ෆිලිප් හා සාරා යුවළ මේ අත්දැකීමට මුහුණ දුන් අතර, ඔවුන් ඡායාරූප සැසියට මුහුණදුන් ස්ථානයේ සිටි කෝපාවිශ්ඨ වූ කුරුල්ලා සිදුකළ මේ පහරදීම අසල සිටියවුන්ට සිනහාව නවත්වා ගැනීමට අවස්ථාවක් ලබාnew-we-2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here