අලුත් මැතිවරණ කොමිසමක් මාර්තු මාසයේ…

0
310

අලුතෙන් මැතිවරණ කොමිසමක් පත්කර හෝ මැතිවරණය තබන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් පැවසීය.

මැතිවරණ කොමිසමේ තුන් දෙනෙක් විතරක් ඡන්දය පවත්වන දිනය පිළිගෙන  තිබේ නම් අලුතින් කොමිසමක්  පත් කර හෝ ඡන්දය පවත්වන  ලෙසද ජයසේකර මහතා සඳහන් කළේය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මැතිවරණ කොමිසම අලුතින් පත් කරන ලෙසට කළ ඉල්ලීමට එකඟ වන අතර ලබන සුමානේ රැස්වී ඒ කාර්යය කරන බවයි.

විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නැගී සිටිමින් පැවසූයේ මැතිවරණ කොමිසම නැවත පත් කළ යුතුය කියා ජයසිරි ජයසේකර මහතා කළ යෝජනාව තමා විසින් ස්ථිර කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here