අලුත් ව්‍යවස්ථාවක් හදන සැසිය නොසන්සුන්

0
667

අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරයේ පළමු සැසිය අද (15) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ වූ අවස්ථාවේ එහි පැමිණි හිටපු ජනපතිනියට ඇතුළත සිටි අයෙක් හූ කියමින් විරෝධය පළ කළේය.

රාවය පුවත්පතේ කර්තෘ ජනරංජන මුල්ම දේශනය සඳහා නීතිඥ බිටෝ ප්‍රනාන්දුට ආරාධනය කළ අතර එවිටම හිටපු ජනපතිනිය එහි සම්ප්‍රාප්ත වුවාය.

ඒ සමගම අයකු හූ හඬක් නැගූ අතර ඔහුට සභාවෙන් ඉවත්වන ලෙස ජනරංජන ඉල්ලීමක් කළ ද ඔහු වරින් වර හූ හඬ නැගීම නිසා සංවිධායකයන් විසින් ඔහු එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.

වේදිකාවේ කාන්තා නියෝජනයක් නැතිවීම සම්බන්ධයෙන් ද සභාවේ අය ප්‍රශ්න කිරීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here