සම්මුතිවාදි ආණ්ඩුවේ ජනපති ධූරයේ දෙවන වසර සම්පූර්ණ වූ පසු අලුත් ව්‍යවස්ථාව සකස් කර ඊට අනුකූලව ඉදිරි කටයුතු සකස් කරන බවත් සංවර්ධනය වෙනුවෙන් සියලු මංපෙත් හෙළි පෙහෙළි කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යවස්ථාවක් හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ව්‍යවස්ථාවක් හෝ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවක් නොවන බවත් එය ජනතාව වෙනුවෙන් ගන එන ලද ජනතාවාදි පිළිගන්නා ව්‍යවස්ථාවක් යැයිද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
අගමැතිවරයා එසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ(8)සවස පැවැති සෝභිත හිමියන්ගේ ප්‍රථම ගුණ සමරු උළෙට එක් වෙමිනි.
‘නව ව්‍යවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යවස්ථාවක් නොවෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ව්‍යවස්ථාවක් නොවෙයි. එසේම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවක් ද නොවෙයි. මෙය ජනතාව අතරට ගෙන යමින් ජනතාව සමඟ සාකච්ඡා කර ජනතාවාදී ලෙස ගෙන එන ඒමට කටයුතු කළ යුතුයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර අනුපාත ඡන්ද ක්‍රමයක් ගෙන ඒමට නව ව්‍යවස්ථාවෙන් කටයුතු යොදා තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය තුළින් ස්ථාවර බවක් ඇති වෙන බව ඇතැමෙක් පවසනවා. එහෙයින් නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ක්‍රමය ස්ථාපිතයි. ඒ යටතේ ස්ථාවර බවක් ඇති කරන්නේ කෙසේදැයි යන්න සොයා බලනවා. ප්‍රංශයේ තිබෙන්නේ ජනාධිපති ක්‍රමයක්. එය එදා ජේ.ආර් ජයවර්ධන මහතා අපේ රටට හදුන්වා දුන්නා. එමඟින් රටට ස්ථාවරත්වයක් ඇති වුණා. නමුත් ජර්මනියේ තිබෙන්නේ අගමැති ක්‍රමයයි. එහෙයින් මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතුයි. මේ ක්‍රමය යටතේ ජනාධිපතිවරයාගේ, අගමැතිගේ, මධ්‍ය ආණ්ඩුවේ, බලතල කවරේදැයි පිළිබද සාකච්ඡා කළ යුතු වෙනවා. මීට අමතරව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩයේ දී අපි විකල්ප යෝජනා ද ගෙන ඒමට පියවර ගත යුතු යැයි’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, වැඩිදුරටත් සඳහන් කළේය.