Tuesday, January 28, 2025

අලුතින් බඳවා ගත් උපාධිධාරීන්ගෙන් 23,000ක් පාසල් වලට යොමු කිරීමට සැලසුම්

රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගත් උපාධිධාරීන්ගෙන් 23,000ක් පස්දෙනා බැගින් පාසල්වලට යොමු කිරීමට සැලසුම් කර තිබේ. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් මාස තුනකට අධික කාලයක් තිස්සේ වර්ජනයේ නිරත ගුරුවරු අද (21) සහ හෙට (22) ලෙඩ නිවාඩු දමා පාසල් වෙත නොපැමිණියත් ගුරු සංගම් දහයක ගුරුවරු හෙට සිට රාජකාරි ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හදපාන්ගොඩ මහත්මිය මේ සම්බන්ධව කියා සිටියාය.

ඒ අනුව ඒ ඒ පාසල්වල අවශ්‍යතා මත උපාධිධාරි අභ්‍යාසලාභීන් පාසල්වලට යොමු කළහොත් කිසිදු ප්‍රශ්නයකින් තොරව පාසල්වල කටයුතු කර ගෙන යෑමට හැකි වෙතැයි ඒ මහත්මිය පැවසුවාය. මෙලෙස පාසල්වලට අනුයුක්ත කරන පිරිසට නිසි පුහුණුවක් නැතැයි ඇතැමුන් චෝදනා එල්ල කළත් එදා ප්‍රේමදාස පාලන යුගයේදී රුපියල් 1,000 වැටුපට බඳවාගත් ගුරුවරු පිළිබඳ ඒ කාලයේ කෙසේ වෙතත් මේ කාලයේවත් කිසිවක් නොකියන බවද ඒ මහත්මිය සඳහන් කළාය. අලුතින් පාසල්වලට යොමු කරන පිරිස උගත් අය බැවින් ඔවුනට යම් පුහුණුවක් දීමට ඕනෑ තරම් සම්පත් තිබෙන බවද හදපාන්ගොඩ මහත්මිය සඳහන් කළාය.

ඒ මහත්මිය තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කියා සිටියාය.

“වසර එකහමාරකට අධික කාලයක් ගුරුවරුන්ට පාසල්වලට පැමිණ දරුවන්ට උගන්වන්න බැරි වුණා. නමුත් ඒ අය හැම මාසෙකම 20 දා මාසික වැටුප ගන්න නම් ගියා. ඒ අය රාජකාරි නොකළත් සත පහක් අඩු නොකර වැටුප් දුන්නා. වර්ජනය කළ කාලෙත් සත පහක් අඩු නැතුව වැටුප ලැබුණා. ඒත් මම දැක්කා ආණ්ඩුව දුන්න 5,000ක අමතර දීමනාව ඇතැම් අය ආපහු බාර දෙනවා. හරි නම් වර්ජනයට එක් වූ අය කරන්න තිබ්බේ සම්පූර්ණ වැටුපම ප්‍රතික්ෂේප කරලා වර්ජනය කරන එකයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles