අලුතින් විවෘත කළ හෝටලයට වෙඩි වරුසාවක්

0
789
ණමඩුව – ආඩිගම මංසන්ධියේ අලුතින් විවෘත කරන ලද ආපන ශාලාවකට යතුරු පැදියකින් පැමිණි අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව පල්ලම පොලීසිය පැවසීය.
27 වැනිදා රාත්‍රී 10.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇත.
වෙඩි තැබීම සඳහා බෝර 12 ගිනි අවියක් භාවිතා කර ඇති බවත්,ඉන් නිකුත් වූ උණ්ඩ 05 ක් හෝටලයට වැදී ඇති බවත් සඳහන්ය.
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති හෝටලය මෑතකදී ආරම්භ කරන ලද එකක් බවත්,  වෙනත් හෝටල් හිමිකරුවෙකුගේ අවශ්‍යතාවය මත කිසියම් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට  පොලීසිය සැක පල කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පල්ලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here