Monday, September 23, 2024

අවන්හලක් තුළ සිව් දෙනෙක් ප්‍රාණ ඇපයේ

ආයුධ සන්නද්ධ ස්ත්‍රී දූෂක සැකකරුවෙකු ඇමෙරිකාවේ, බැල්ටිමොර් හි අවන්හලක් තුළ පුද්ගලයන් සිව් දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

ක්ෂණික ආහාර අවන්හලක් තුළ සිදුවන මෙම ප්‍රාණ ඇපකාර සිද්ධියට ප්‍රතිචාර දැක්වීම සඳහා මේරිලෑන්ඩ් හි විශේෂ ස්වැට් බලකා කණ්ඩායමක්ද ගෙන්වා ඇති අතර, ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට ආයුධ සන්නද්ධ පුද්ගලයා සමග සාකච්ඡා පවත්වා ඇති බවද කියයි.

මෙම අවන්හල තුළ සිටින ප්‍රාණ ඇපකරුවන් අතර අවුරුදු හතක් වයසැති කුඩා දැරියකද සිටින බව බැල්ටිමෝර් පොලීසිය කියයි.

මේ අතර, එක් ප්‍රාණ ඇපකරුවෙකු මුදා හැර ඇති බවට තොරතුරු වාර්තා වන අතර, තවත් තිදෙනෙකු ඒ තුළ සිටින බවද ඇතැම් වාර්තාවල දැක්වෙයි.

මෙම සිද්ධියට සම්බන්ධ තැනැත්තා ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලයෙකු බවත්, ඔහු පොලීසියෙන් මිදී අවන්හල තුළට කඩා වැදී ඇති බවත් කියයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles