අවබෝධයක් නැති මිනිසුන්ගේ තීරණවල විපාක විඳින්නේ ජනතාව

0
250

නිරෝධායන ඇදිරිනීතිය පැනවීම වැනි තීරණ ගැනීමේදී පෙර සැළසුමක් සහිතව මහජනතවගේ පාර්ශවයෙන් සිතා එම තීරණ ගන්නා ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

සැළසුමක් නොමැති තීරණ හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූ ආකාරය ඊයේ දිනයේදී නිරෝධායන ඇදිරිනීතිය පැනවීමෙන් පසුව දක්නට ලැබුණු බවයි මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ.

අවබෝධයක් නොමැති පුද්ගලයින් තීරණ ගැනීමේ විපාක අදවනවිට මහජනතාව අත්විදිමින් සිටින බවත් තීරණ ගැනීමේදී මීට වඩා ජනතාව පිළිබද අවධානය යොමුකළ යුතු බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here