අවවාදයට වඩා ආදර්ශය උතුම් – ජනාධිපති

0
354

මතින් තොර රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ වෙනුවෙන් වු වගකීම් ඉටුකිරීමට තම හෘද සාක්ෂියට අනුව සියලුදෙනා කැපවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

නුවරඑළිය නව නගර ශාලාවේ පැවති මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ 06 වන අදියරට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් දැක්වීය.

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් වූ සියලු වැඩසටහන් ඉදිරියේදී විධිමත් සහ කාර්යක්ෂම කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින අධික දරිද්‍රතාවයට සහ මන්දපෝෂණ තත්ත්වයට ප්‍රබල හේතුවක් වී ඇත්තේ පිරිමි පුද්ගලයින් මෙන්ම කාන්තාවන් ද මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටීම බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

එම තත්ත්වය පාලනය කරමින් ජනතාව දැනුවත් කිරීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ඉදිරියේ දී දිස්ත්‍රික්කය තුළ පුළුල් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here