Friday, January 24, 2025

අවශ්‍ය වුණොත් අගමැති කොමිසමට කැඳවනවා

අවශ්‍ය වුවහොත් ඉදිරියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‌ෂියට කැඳවන බව කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (17 දා) පැවසීය.

ජනාධිපති බැඳුම්කර කොමිසම අගමැතිවරයාගෙන් කරුණු විමසන ආකාරයට ප්‍රශ්න මාලාවක්‌ මේ වන විට ඔහුට ඉදිරිපත් කර ඒවාට දිවුරුම් පෙත්සමකින් පිළිතුරු සපයන ලෙස දැනුම් දී ඇති බවත් අවශ්‍ය වුවහොත් තවත් ප්‍රශ්න ලැයිස්‌තුවක්‌ ඔහුට ඉදිරිපත් කරන බවත් කොමිසමේ සභාපතිවරයා කීය.

එම දිවුරුම් පෙත්සම ලැබුණාට පසුව එහි ඇතුළත් කරුණු පරීක්‌ෂා කර බලා ඊට පසුව අවශ්‍ය වුවහොත් සාක්‌ෂි දීමට කොමිසමට පැමිණෙන ලෙස හෝ තවදුරටත් කරුණු පැහැදිලි කිරීමක්‌ කරන ලෙසට ඔහුට දැනුම් දෙන බවද කොමිසමේ සභාපතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

බැඳුම්කර ජනාධිපති කොමිසමේ සභාපති චිත්‍රසිරි මහතා එම ප්‍රකාශය කළේ කොමිසමේ වාචික සාක්‌ෂි විමසීම ඊයේ අවසන් වූ පසුව කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරමිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ සාක්‌ෂියට කැඳවීමට නීතිපතිවරයාද බලාපොරොත්තුවෙන් සිටි බවත් ඔහු අත්‍යවශ්‍ය සාක්‌ෂි කරුවෙක්‌ බවත් කොමිසම හමුවේ සාක්‌ෂි මෙහෙයවන නීතිපතිගේ නීතිඥ කණ්‌ඩායමේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ද ඊයේ කොමිසම හමුවේ ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කළේය.

තවත් 20 දෙනකු පමණ සාක්‌ෂි ලබාගැනීමට කැඳවීමට අවශ්‍ය බව දන්වා ඔවුන්ගේ නම් ලැයිස්‌තුවක්‌ ද සමඟ කොමිසමට දී ඇති බවත් ඒ අය අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සිටින බවත් ඡේHෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.

අගමැතිවරයා කොමිසම හමුවේ සාක්‌ෂියට කැඳවීමට නීතිපතිවරයා විසින් තීරණය කරනු ලැබුවේ කොමිසම හමුවේ පැවැත්වෙන විමර්ශනය සඳහා ඔහු අත්‍යවශ්‍ය සාක්‌ෂිකරුවෙකු වශයෙන් සැලකූ නිසා බව ද ඔහු කීවේ ය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles