අවශේෂ කැළෑ පිළිබඳ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක්

0
305

අවශේෂ වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව කටයුතු කිරීමට පියවර නොගන්නා ලෙසට අභියාචනාධිකරණය ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

ඒ අදාළ චක්‍රලේඛය අභියෝගයට ලක්කරමින් පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත රංජිත් කුමාර මහතා ගොනු කර ඇති රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

අභියාචනාධිකරණය එහිදී නියෝග කළේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඉඩම් කොමසාරිස් ජනරාල්, වනසංරක්ෂණ ජෙනරාල් ඇතුළු පස් දෙනෙකුට ලබන සැප්තැම්බර් පළමු වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නොතීසි නිකුත් කරන ලෙසයි.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පස් දෙනෙකු නම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here