අවසන් ගමන් යන්නත් ගාන වැඩි කරලා

0
314

ගෑස් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමග ආදාහනාගාර ගාස්තුද ඉහළ නැංවීමට ඇතැම් නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව කුලියාපිටිය නගර සභාව එම මුදල රුපියල් දෙදහසකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මෙතෙක් ආදාහන ගාස්තු ලෙස රුපියල් 8000ක් අය කළ අතර මිල වැඩිවීමත් සමග එය 10000 ස දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම පිටස්තර පුද්ගලයකුගෙන් අයකළ 9000ක මුදල මේ වනවිට 11000ස දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here