අවිනිශ්චිත දේශපාලන තත්ත්වය මත ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

0
258

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට රජය තීරණය කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ පවතින අවිනිශ්චිත දේශපාලන තත්වය සහ ආරක්ෂක තත්ත්වය මත මෙම තීරණයට එළැඹ ඇත.

එම තානාපති කාර්යාලයේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට කළ නොහැකි බවටද තීරණය වී ඇත.

ඇෆ්ගනිස්ථානයේ නිත්‍යනුකූල රජය හදිසියේ බිඳවැටීම සහ තලේබාන් සංවිධානය කාබුල් අගනුවර අල්ලා ගැනීමෙන් පසුව ඇතිවූ අවිනිශ්චිත දේශපාලන තත්වය සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය කර තිබේ.

තලේබාන් සංවිධානය කාබුල් නුවර අල්ලා ගැනීමෙන් පසුව, එරට සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා පෞද්ගලික නිවාඩු ලබා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.ඒ සමඟම එම තානාපති කාර්යාලයේ කටයුතු අක්‍රියව පැවතුණි.

ඒ අනුව කාබුල් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිර්දේශ කර තිබු අතර, ජනාධිපතිවරයාගේ නියෝගය මත එම තානාපති කාර්යාලය වසා දමා ඇත.

තලේබාන් සංවිධානය විසින් කාබුල් නුවර අල්ලා ගත් අවස්ථාවේ සිටම එහි ශ්‍රී තානාපතිවරයා පෞද්ගලික නිවාඩු ලබා ලංකාවට පැමිණ සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here