Saturday, September 21, 2024

අවුකන පිළිමය අවදානමක- වගකීම ඇමති බාරගත යුතු බව විහාරධිපති හිමියෝ කියති

ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ ගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති.

මේ දින වල දිගින් දිගටම  විශාල වශයෙන් අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී මෙම වහලයට  අකුණු පාත් වූ  බවත් විහාරාධිපති හිමියෝ පවසති.

මෙහි පවතින අවදානම පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු ඇමැතිවරු, අමාත්‍යංශ නිලධාරින් දැනුම් වත් කර ඇතත් මෙතෙක් කිසිදු  අවධානයක්  යොමු නොකළ බව උන්වහන්සේ පවසති.

අවුකන බුද්ධ ප්‍රතිමාවට අකුණක් මගින් යම්කිසි හෝ හානියක් සිදු වුවහොත් එහි වගකීම විෂය භාර අමාත්‍යවරයා විසින් දැරිය යුතු බවත් උන් වහන්සේ පවසති.
එමෙන්ම වහලය නිසියාකාරව සවි නොකිරීම නිසා වහලය මත වෑස්සෙන වතුර  බුදු පිළිමය පිහිටි මලුවට පතිත වන බව ද උන් වහන්සේ පෙන්වා දෙති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles