Thursday, January 16, 2025

අවුරැදු 14 ක රාජ්‍ය ආයතන 55 කින් සිදුව ඇති පාඩුව ටි‍්‍රලියන 1.2 ක් බව අණාවරණය වෙයි

2006 වසරේ සිට 2020 වසර දක්වා ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, සතොස සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන රාජ්‍ය ආයතන 05 ඇතුළු රාජ්‍ය ආයතන 55 ක සිදුව ඇති පාඩුව රුපියල් ටි‍්‍රලියන 1.2 ක් බව අනාවරණය වී ඇතැයි ප‍්‍රවීණ ආර්ථික උපදේශක වරයකු වන මහාචාර්ය රොහාන් සමරජීව සදහන් කරයි.

එමෙන්ම මෙම රාජ්‍ය ආයතන 05 හි 2019 වසරේ දිනක පාඩුව රුපියල් කෝටි 38 කට (384,479,189) අධික බවද වාර්තා වෙයි.

වහාම එම ආයතන ප‍්‍රතිසංධානය වියයුතු බවත්, මෙය ජාතික ආර්ථිකයට බරපතල ලෙස බලපා ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එව් අනුව දැනට විශාල ලෙස පාඩු ලබා තිබෙන ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පිළිගත් පෞද්ගලික ආයෝජකයකු වෙත පවරා ප‍්‍රතිසංධානය කඩිනමින් සිදුකළ යුතු බව හෙතෙම සදහ්න් කරයි.

වනවිට මෙම රාජ්‍ය ආයතනවල ඵලදායිතාවය වසර 30 කට පසු සියයට 1% වඩා අඩු වට්ටමකට පත්ව ඇති බවත්, මෙම තත්වය ඉදිරියේදී රටේ ආර්ථිකයට දැඩි බලපෑම් ඇතිවිය හැකි බවත් මහාචාර්ය රොහාන් සමරජීව මහතා  පවසයි.

රටේ ආර්ථිකයට ඵලදායී අයුරින් පෞද්ගලීකරණය විවිධාකාරයෙන් සිදුකළ හැකි බවත් ඒ සඳහා හොඳම නිදර්ශනය ශ‍්‍රී ලංකා ටෙලිකොම් බව ඔහු පවසයි.  එය පෞද්ගලීකරණය කිරීමේ ක‍්‍රමවේදය තුළින් දුරකථන ග‍්‍රාහකයිනට උසස් සේවා පහසුකම් ලැබී ඇති බව ඔහු පෙන්වා දෙයි.

එමගින් රජයට රුපියල් බිලියන ගණනින් මුදල් උත්පාදනය කරන බවත් සේවකයිනටද පහසුකම් රසක් හිමිව ඇති බවත් ඒ මහතා පවසයි.

මෙම පාඩු ලබන රාජ්‍ය ආයතන ප‍්‍රතිසංධානය නොකළ හොත් මෙම ආයතන කඩා වැටී රටේ ආර්ථිකයට බරපතල ගැටලූ රැසක් ඇති වන බවත් ඔහු සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles