අවුරුදු කන්න අතහිත ඉන්දියාවෙන්. බිලියන 02ක්!!!

0
868

ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ විවිධ සාකච්ඡා මේ වන විටත් පවත්වා ඇති බවයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.

ඉන්දියාව මේ වන විටත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ණය මුදලක් ලබා දී ඇති අතර ඉන්ධන සඳහා ද අමතර ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

චීනයට වඩා වැඩි ආධාර ප්‍රමාණයක් තම අසල්වැසි රාජ්‍යයට ලබාදෙන බවත් එහි වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here