අවුරුදු කන්න ඉන්දියාවෙන් හාල්! තෙල් නැවට ඩොලරුත් ගෙවයි….

0
660

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට මේ වන විට ඩීසල් නැව් දෙකක් ලබා දී ඇති අතර එහි ඊලග පියවර ලෙස, ඩොලර් බිලියනක ණය යෝජනාව යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික්ටොන් 40,000 ක් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවට ළගාවන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.   

එම සහල් තොගය තුළ නාඩු, කැකුළු සහ සම්බා යන සහල් වර්ග ඇතුළත්ව ඇති බවත් එම තොගය ලැබුණු වාහාම සතොස හරහා නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කට සහ සම්බා කිලෝවක් රුපියල් 130 කට අළෙවි කිරීමට බලාපොරොත්තු වන බව ද වෙළෙඳ අමාත්‍යංශය වැඩි දුරටත් කියයි. 

ඒ අතරම ඩොලර් ගෙවාගැනීමට නොහැකිව දින 11 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාව නතර කළ තිබූ නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ඩොලර් මිලියන 52 ක් ගෙවා අද (7) පස්වරුවේ නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. එහිදී විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවූ බවද වාර්තා වේ.

එම නෞකාවේ ඩීසල් තොගය හෙට (8) පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් ඩීසල් පිරවුම්හල් වෙත සැපයීමට කටයුතු කරන බවත් එම නිලධාරියා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here