Sunday, September 22, 2024

අසංග රණසිංහ ලාෆ්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

දිවයිනේ විශාලතම ව්‍යාපාර සමූහයක් වන ලාෆ්ස්, තම ලාෆ්ස් ‍හෝල්ඩිංග්ස් සහ ලාෆ්ස් ගෑස් PLC යන සමාගම්වල අධ්‍යක්ෂක මණ්ඩලයන්හි විධායක අධ්‍යක්ෂවරයකු වශයෙන් අසංග රණසිංහ නොබෝදා පත්කරන ලදී. එමෙන්ම ලාෆ්ස් හෝල්ඩිංග්ස් හි පාරිභෝගික හා සිල්ලර ව්‍යාපාර සමූහයන්හි පර්ෂද කළමනාකාර අධ්‍යක්ෂක ධුරයද, සමූහ අලෙවි අධ්‍යක්ෂ ධුරයද ඔහු හොබවනු ඇත.

ශ්‍රී ලංකාවේත් ආසියානු කලාපයේත් අපගේ ව්‍යාපාරයන් ප්‍රබල ලෙස ව්‍යාප්ත කිරීමේ සැලසුම් වඩාත් ශක්තිමත් කිරීමටත්, ලාෆ්ස් නාමය විශ්වසනීය සමූහ ව්‍යාපාරයක් වශයෙන් තවදුරටත් ශක්තිමත් කිරීමටත් අවශ්‍ය නායකත්වය දීමට අසංග ප්‍රබල ලෙස දායකවනු ඇතැයි අප විශ්වාස කරනවා.

මනා ව්‍යාපාරික නායකත්වයක්, මෙහෙයුම් විශේෂඥතාවයක් මෙන්ම පුළුල් දැනුම සම්භාරයකින්ද යුත් ඔහු ලාෆ්ස් හෝල්ඩිංග්ස් සහ ලාෆ්ස් ගෑස් PLC සමාගම්වල අධ්‍යක්ෂක මණ්ඩලයන්ට පත්කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. එමෙන්ම මෙය, ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර සමූහයක් බිහිකිරීමෙහිලා ඇති අපගේ කැපවීම තහවුරු කිරීමේ තවත් පියවරක් වනු ඇත. “ලාෆ්ස් හෝල්ඩිංග්ස් සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles