Tuesday, September 24, 2024

අසරණ සිවිල් වැසියන් ඉලක්ක කරමින් යුක්රේනයේ නගර වෙත එල්ල වූ තහනම් බෝම්බ ප්‍රහාර

යුක්රේනයේ අගනුවර වන කිව් සහ කාර්කිව් නගරයෙන් ඇසුණු ප්‍රබල පිපිරුම් මාලාවට හේතුව වී ඇත්තේ රුසියාව විසින් තහනම් බෝම්බ උපයෝගී කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාරයක් බව හෙළිව ඇත.

එරට රුසියාව විසින් පොකුරු බෝම්බ ප්‍රහාර දියත් කිරීමට පෙර යුක්රේනයේ සිවිල් වැසියන් ජීවත්වෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු ප්‍රහාර දියත් කරනු ලැබූ අතර එය රුසියාව විසින් යුද අපරාධ සිදුකරනු ලබන බවට යුක්රේන රජය විසින් දැවැන්ත චෝදනාවක් ජාත්‍යන්තරය හමුවේ සඳහන් කරයි.

මෙම රුසියානු හමුදාව විසින් යුක්රේන ඉලක්ක වෙත “පොකුරු බෝම්බ” හෙවත් Cluster Bomb එල්ල කර ඇති බවයි යුක්රේනයේ හමුදා රේඩාර් සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.

පසුගිය දින දෙකක කාලය තුලදී දැඩි සටන් පැවති යුක්රේනයේ කාර්කිව් නගරය ඉලක්ක කර ගනිමින් මෙම පොකුරැ බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි යුක්රේන හමුදාවන් සඳහන් කරයි.

පසුගිය 2010 වසරේ අත්සන් තැබීමට ආරම්භ කරනු ලැබූ ඔස්ලෝ සම්මුතියට අනුව පොකුරු බෝම්බ භාවිතය තහනම් කිරීම වෙනුවෙන් 2020 ජුලී මාසය වන විට ලොවපුරා රටවල් 120ක් අත්සන් තබා ඇත.

මෙි අතර යුක්රේනයේ කිව් නගරයේ මර්මස්ථාන වෙත ඉදිරියේදී පහරදීමට කටයුතු කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පවතින මෙම තත්ත්වය හමුවේ යුක්‍රේනයේ වැසියන් ලක්ෂ 6කට වැඩි වැඩි පිරිසක් එරටින් පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරයි.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිලියන 04කට වැඩි සංඛ්‍යාවක් මේ වන විටත් යුක්රේනයෙන් පලාගොස් ඇති බවයි.

රුසියානු හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කියුව් නගරයේ රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇත.ඒ හේතුවෙන් රූපවාහිනි සංඥා සදහා බාධා ඇතිවී තිබෙන බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

මෙි අතර යුක්‍රේනයේ කාකීව්හි මධ්‍යම නිදහස් චතුරශ්‍රයේ පිහිටි රාජ්‍ය ගොඩනැගිලි වලට සහ ජනාකීර්ණ ප්‍රදේශ වලට රුසියාව ඊයේ (01) මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.

එරට යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍ය දිමිත්‍රෝ කුලිබා ඔහුගේ ට්විටර් ගිණුමේ වීඩියෝවක් පලකර ඇති අතර, එහි දැක්වෙන්නේ රාජ්‍ය ගොඩනැගිල්ලකට එල්ලවන මිසයිල ප්‍රහාරයක්ය.එය මිලේච්ජ රුසියානු මිසයිල ප්‍රහාරයක් යනුවෙන්ද දිමිත්‍රෝ සදහන් කර ඇත.

පුටින්ට යුක්‍රේනය බිඳ දැමිය නොහැකි යි. ඔහු කෝපයෙන් තවත් යුද්ධ අපරාධ කර යි, අහිංසක සිවිල් වැසියන් ඝාතනය කර යි,” යනුවෙන් ඔහු සදහන් කර ඇත.

එරට යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍ය දිමිත්‍රෝ කුලිබා වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ රුසියානු ආක්‍රමණය නැවත්වීම සඳහා ලෝකයට තවත් බොහෝ දේ කළ හැකි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles