Monday, September 23, 2024

අස්වැන්න අඩු වුණොත් ගොවීන්ට වන්දි

මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා රජය විසින් වන්දි ලබා දෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවැසීය.

මේ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එකඟත්වය ලැබුණු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන් නියමිත වෙලාවට පොහොර සහනාධාරය ලබාදෙන බවත්, ලබාදෙන පොහොර සම්බන්ධයෙන් වගකීම රජය සම්පූර්ණයෙන් භාර ගන්නා බවත් හෙතෙම පැවැසීය.

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීමට රජයෙන් ලබාදුන් රුපියල් 12,500ක මුදල ලබා ගෙන ඇති ගොවීන් හැර අනෙකුත් සියලූ ගොවීන්ට ගොවිජන සංවර්ධන ප‍්‍රාදේශීය මධ්‍යස්ථාන හරහා කොම්පෝස්ට් පොහොර හිඟයකින් තොරව නොමිලේ ලබා දෙන බව ද හෙතෙම සඳහන් කළේය.

වී අස්වැන්න අඩුවුවහොත් ඒ සඳහා රජය වන්දි ලබා දෙන බවට සහතික වීමත් සමග දිස්ත‍්‍රික්ක බොහොමයක ගොවීන් තුළ පැවැති සැකය දුරුවී ගොවීන් වී ගොවිතැනට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව දිස්ත‍්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරුන් දැනුම් දී ඇත.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත නයිට‍්‍රජන් දියර පොහොර මේ මස අග වන විට ගොවීන්ට ලබා දිය හැකි බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles