අස් කරන්න කළින් කුරේ අස්වෙලා අස් කරගෙනම යයි

0
308

ජාතික රූපවාහිනියේ් සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (6) දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තුනතුරින් ඉවත්වීමට පියවර ගෙන ඇත.

රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් අමතමින් කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය බාරදී අද (6) දහවල් 12.30ට පමණ රූපවාහිනි සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

එමෙන්ම ඉකුත් දින කිහිපයේ රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනියට පැමිණ නොමැති බවද දැනගන්නට තිබේ.

කුරේ මහතා 2020 මැයි 20 වැනි දින එම තනතුරට පත්ව තිබිණ.

මේ අනුව රූපවාහිනි සංස්ථාවේ සභාපති ධූරය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා පත්කිරීමට නියමිතය.

ඒ අනුව රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් එම මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් පත් කිරීමට කටයුතු යොදා තිබුණු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

නමුත් රූපවාහිනි සංස්ථා සභාපති ධූරයෙන් නික්ම යෑමට පෙර රෙජිනෝල්ඩ් කුරේ මහතා සේවකයන් අමතා පවසා ඇත්තේ එවැනි පුටු මාරුවකට තමන්ගේ කිසිම කැමැත්තක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here