Wednesday, January 8, 2025

අසාද් සාලිට ඌරු මස් කන්න කියල කවුරුත් කියන්නේ නෑ-මන්ත්‍රී මුසම්මීල්

ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි. ඊයේ (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ප්‍රසිද්ධ හමුවක් පවත්වමින් මෙරට නීතියට අභියෝග කරන තැනට ඉස්ලාම් අන්තවාදීන් පත්ව ඇතැයි මුසම්මිල් මහතා මෙහිදී කියා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

“මෙහෙම කියනවා කියන්නේ ඉතා පැහැදිලිව දැඩි තර්ජනයක් එල්ල කරනවා මේ රටේ අනෙකුත් ජන කොටස්වලට හා ඔවුන්ගේ අන්තවාදී මතයන්වලට එරෙහිව නොයන අයට අප මුස්ලිම් නීතිය වෙනස් කළොත් තව සහරාන් කෙනෙක් එවනවා කියන පණිවිඩය තමයි වෙනත් ආකාරයකින් අසාද් සාලි කියන්නේ. වයස අවුරුදු 12ක දැරියක් විවාහ කර ගෙන තමන්ගේ දුවගේ දුවවත් විවාහ කර ගන්න පුළුවන් මානසිකත්වය තමයි අසාද් සාලි ඉන්නේ. මොන තරම් පහත් මානසිකත්වයකින්ද මේ කටයුතු කරන්නේ. ඒ නිසා පුද්ගලයා හෝ ජාති ආගම් මත නීති වෙනස්වීම ශිෂ්ඨ සම්පන්න ලෝකෙ පිළිගන්න දෙයක් නෙමෙයි. චාරිත්‍ර වාරිත්‍ර උප සංස්කෘතිවලට පවතින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ.

හැබැයි මේ නීති වෙනස් කළා කියලා අසාද් සාලිට ඌරු මස් කන්න කියලා කවුරුත් කියන්නේ නෑ. සිංහල, මුස්ලිම්, දෙමළ මිනිස්සුන්ව ඇඳුමින් වෙන් කළා. ඊට පස්සේ ආහාරවලින් වෙන් කළා හලාල් කියලා ගෙනල්ලා. අධ්‍යාපනයෙන්, උසාවියෙන් වෙන් කළා. ඒ කරලා අසාද් සාලිලාට තමන්ගේ පටු දේශපාලන වුවමනා ඉටු කර ගන්න සහරාන්ලාට තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමට තමයි මේ වෙනම නීති ඉල්ලන්නේ. රටේ නීතියට අභියෝග කරන අසාද් සාලිලාට විරුද්ධව අපි විශ්වාස කරනවා නීතිපතිතුමාත් පොලිස් දෙපාර්තමේන්තුවත් ක්‍රියාත්මක වෙයි කියලා.’’ යැයිද කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles