අසාද් සාලි නිදොස් කොට නිදහස්

0
301

ජාතීන් හා ආගම් අතර අසමගිය ඇතිකිරීම හා සංහිඳියාව බිඳ දැමිමට උත්සාහ දැරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියෝග කළේ ය.


පසුගිය මාර්තු 9 වැනිදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 16 වැනිදායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here