Saturday, September 21, 2024

අසාදු ලේඛනගත කිරීම ගැන මහජන බැංකුව ප්‍රතිචාර දක්වයි

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව මහජන බැංකුව පවසන්නේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් ගෙවීම් නතර වූ බවය.


අධිකරණයේ ඉදිරි තීන්දු මත ගෙවීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන බැංකුව දැනුම් දී තිබේ.
මෑතකදී මහජන බැංකුව විසින් නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය අදාළ තීරණය ගෙන තිබුණි.


දැනට මතභේදයකට ලක්වී ඇති චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කර තිබුණේ, මහජන බැංකුව හරහාය.


නමුත් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පවසා තිබුණේ, එම පොහොර සාම්පලවල අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බැවින් එම පොහොර භාරනොගත යුතු බවටය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles