Monday, January 13, 2025

අසාර්ථකවීමි ජීවිතයේ කොටසක්, ඒවායින් පසුබට නොවිය යුතුයි සහයෝගය නැතිව සාර්ථක වෙන්න බෑ – ජනපති

පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුවද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථකවීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් වියයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ ඊයේ (19) පෙරවරුවේ පැවැති 96වන විසිරයාමේ පෙළපාළිය පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි. සුබවාදී බව, ආත්මවිශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“මීට වසර පනහකට පමණ පෙර, යුද හමුදාවේ 4වන බඳවා ගැනීමේ කණ්ඩායමේ අධිකාරියට පත්කිරීමේ පෙළපාළියේ දී තරුණ කෙඩෙට් නිලධාරියෙකු ලෙස අද ඔබ සියලු දෙනා සිටගෙන සිටින ස්ථානයේ මම ද සිටගෙන සිටියෙමි.”

මගේ හමුදා දිවිය පුරාවට මා ලබාගත් පුහුණුව, ලැබූ අත්දැකීම් සහ මා තුළ ඇති කළ ගුණාංග මා මේ රටේ ඉහළම ධුරයට තේරී පත්වීමට අත්‍යවශ්‍ය සාධක වූ බවට කිසිදු පැකිළීමකින් තොරව පැවසීමට මම කැමැත්තෙමි.”

හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම තත්ත්වය තමයි විනය පවත්වා ගැනීම. අන් අය සමග හොදින් එකට වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයක්.

ඔබ නිලයන් හරහා ඉහළට ගමන් කරන විට, ඔබේ වගකීම් ද  ක්‍රමයෙන් වැඩි වනු ඇත.

කවදා හෝ ඔබ අතරින් කෙනෙකු හමුදාපති විය හැකි අතර සමස්ත සංවිධානයට හා එහි සිටින සාමාජිකයන්ට වගකිවයුතු අයකු වනු ඇත.

ඔබ මෙම ගමන ආරම්භ කරන විට, ඔබේ අණ යටතේ සිටින සොල්දාදුවන් සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව ඔබ වටහා ගත යුතුයි.

එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයට ක්‍රියාකිරීම ඔබේ වගකීමකි. 

“මෙය සිදුකිරීම සඳහා ඔබේ ඒකකය හොඳින් පුහුණු වූ සෞඛ්‍ය සම්පන්න සහ රාජකාරියට සුදුසු බව සහතික කළ යුතු බැවින්, ඔවුන්ගේ සුබසාධනය ගැන හොඳින් සැලකිලිමත් වියයුතු අතර එවිට ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවතී.”

පුද්ගලයෙකු වශයෙන් ඔබ කොතරම් දක්ෂයෙකු හෝ කුසලතා සහිත වූවත් අන් අයගේ සහයෝගය නොමැතිව ඔබට සාර්ථක වීමට නොහැකි වන අවස්ථාවලට මුහුණ දෙන්න සිදුවනවා.

ඔබ මෙම ගමන ආරම්භ කරන විට ඔබේ අණ යටතේ සිටින සොල්දාදුවන් සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව ඔබ වටහා ගන්න ඕනි.

ඔබේ වගකීම තමයි එවැනි සාමාන්‍ය මිනිසුන්ගේ විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයට ක්‍රියාකිරීම. ඉදහිට ඔබේ අතින් ඉහළ මට්ටමේ වැරදි සිදුවීමට ඉඩ තිබෙනවා.

අසාර්ථකත්වයන් ද ජීවිතේ කොටසක් වන අතර ඔබ ඒවායින් පසුබට විය යුතු නැහැ.

ඒවා ඔබේ ඉගෙනුම් ක්‍රියාවලියේ අගනා අංගයක් වන අතර ඔබට ඒ තුළින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබෙනවා.

කොහොම වුණත් ඔබ අසාර්ථක වීමට බිය නම් එවැනි නිර්භීත තීරණ ගැනීමට ඔබ ඔබව දිරිමත් නොකරන අතර ඔබ අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා ධනාත්මක චින්තනය තමයි ඉතා වැදගත් වෙන්නේ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles