අසිරිමත් නත්තල අද

0
843

අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයෙන් උදා විය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සැමරුව ද මෙවර ලොව පුරා පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය එලෙස සැමරීමට නොහැකි වී තිබේ.

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන නත්තල් දේවමෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රීයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පවත්වා තිබේ.

මෙරට ප්‍රධාන නත්තල් දේවමෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී 11.45 ට කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී පැවැත් වුණි.

කොවිඩ් -19 වසංගතය මිනිසාගේ ආත්මාර්තකාමීත්වයේ ප්‍රතිඵලයක් වන බව එහිදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දුනි.
 http://www.youtube.com/embed/-UZFwJIoOt0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here