අසීරු අවස්ථාවේ සියලු දෙනා එක්විය යුතුයි – ධම්මික පෙරේරා

0
313

සම්පූර්ණයෙන් රට වසා දැමීමකින් රජයක් පවත්වාගෙන යා නොහැකි බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් අපනයන ද පවත්වාගෙන යා යුතු බව ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසනවා. පසුගිය වසරේ රජයේ ආදායම බිලියන 1300 ක් වන අතර රජයේ සේවකය්ගේ වැටුප්වලට පමණක් බිලියන 1100 ක් වැය වන බවද ඔහු සඳහන් කළා. මේ අවස්ථාවේ රජයට කරන්නට සිදුවී ඇත්තේ රාජ්‍ය ආදායම පවත්වාගෙන යමින් මිනිසුන් මිය යාම අවම අගයක පවත්වා ගැනීමේ අභියෝගය බවද ව්‍යාපාරික ධම්මික පෙරේරා ප්‍රකාශ කළා. ඩීසල්, පෙට්‍රල්, කිරිපිටි සියල්ල ආනයනය කළ යුතු බවත් එලෙස ආනනය කිරීමට නම් අපනයනය සිදු කර ඩොලර් සංචිත තබාගත යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here