Sunday, January 12, 2025

අහඹු PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගැනේ

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ කොවිඩ් පැතිරීම යම් ආකාරයකට වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර දිවයින පුරා අහඹු කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

පුද්ගලයන් රෝහල්වලදී සහ තෝරාගත් ස්ථානවලදී ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇතැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

පුද්ගල ඒකරාශීවීම්, ආයතනවල රැස්වීම් සහ විවිධ ක්‍රියාකාරකම් කොවිඩ් පැතිරීම වේගවත් කර ඇතැයි පවසන හේමන්ත හේරත් මහතා එවැනි කටයුතුවලින් ඈත්වී සිටින ලෙස ද ඉල්ලීමක් කරනවා.

විශේෂයෙන් පොදු ප්‍රවාහන භාවිතයේදී සහ සෙසු කටයුතුවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අවශ්‍ය නිර්දේශ ලැබුණු පසු සයිනොපාම් තෙවැනි මාත්‍රාව ලබා දීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles