ආගමට අවමානයක්ද ? ශබ්ද දූෂණයක්ද ?

0
391

මියන්මාරයේ බෞද්ධ භික්ෂුවක් ධර්ම දේශනාවක් පවත්වමින් සිටියදී ශබ්ද විකාශනය යන්ත්‍රයේ විදුලිය විසන්ධි කළ ලන්දේසි ජාතික සංචාරකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මියන්මාර පොලිසිය පවසන්නේ ආගමට අපහාස කිරීමේ චෝදනා මත ක්ලාස් හයිටෙමා නමැති සංචාරකයා අත්අඩංගුවට ගත් බවයි.

විකාශන යන්ත්‍රය හරහා නිකුත් වූ ශබ්දය ඔහුට හිරිහැරයක් බවට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

චෝදනාවට වරදකරු වුවහොත් ඔහුට වසර දෙකක් දක්වා වූ සිර දඬුවමක් ලබා දීමේ හැකියාවක් පවතියි.

පොලිසිය පැමිණ අත්අඩංගුවට ගැනීමට පෙර සංචාරකයා නවාතැන් ගෙන සිටි හෝටලය ඉදිරිපිට කෝපයට පත් පිරිසක් එක් රැස් වී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here