ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල කිහිපයක් අද සිට විවෘතයි

0
575

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුණෑගල සහ වව්නියාව කාර්යාල අද සිට විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව සාමාන්‍ය සේවා යටතේ අත්‍යාවශ්‍ය හා හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් සඳහා මෙලෙස එම කාර්යාල විවෘතව තැබෙනු ඇති.

ඒ අනුව අත්‍යාවශ්‍යම සේවා අවශ්‍යතා සහිත සේවාලාභීන්ට පමණක් තමන් පදිංචි ස්ථානයට ආසන්නතම කාර්යාලයට පැමිණ සේවා ලබාගත හැකි වනවා.

එමෙන්ම බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය දැනට පවත්වාගෙන ආ පරිදි එක්දින සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම පමණක් සිදු කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here