Tuesday, September 24, 2024

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලු අයදුම්කරුවන් වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය, මාතර, වව්නියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල ද සියලූ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකට සේවාවන් සපයනු ඇති.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන්ට පමණක් තමන් පදිංචි ස්ථානයට ආසන්න ම කාර්යාලයට පැමිණ සේවා අවශ්‍යතාවන් සපුරා ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් වේලාවක් සහ දිනයක් වෙන්කර ගැනීමකින් තොරව සිය ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයන්ට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකු කාර්යාල පරිශ්‍යර තුළට ඇතුළත් කර නොගන්නා බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles