ආගමික නායකයින්ටත් කොවිඩ් එන්නත

0
375
Healthcare cure concept with a hand in blue medical gloves holding Coronavirus, Covid 19 virus, vaccine vial

භික්ෂූන් වහන්සේ ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ට කොවිඩ් -19 එන්නත ලබා දීම අද (20) දිනයේ සිට ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික්කයෙන් භික්ෂුන් වහන්සේ වෙත එන්නත් ලබාදීම ආරම්භ කිරීමට නියමිතය.

පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව කඩිනමින් එම එන්නත් දිවයිනම ආවරණය වන පරිදි සියලුම භික්ෂුන් වහන්සේ ඇතුළු අනෙකුත් සියලු ආගමික නායකයින්ට ලබාදීමට නියමිතය.

එම වැඩපිළිවෙළ යටතේ බදුල්ල දිස්ත්‍රිකයේ භික්ෂුන් වහන්සේ සඳහා කොවිඩ් එන්නත ලබා දීම හෙට (21) දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here