ආණ්ඩුවට දූෂණ චෝදනා එල්ලවීම කණගාටුවට කරුණක්

0
543
දූෂණයට එරෙහි බලයට පැමිණි ආණ්ඩුවට දූෂණ චෝදනා එල්ලවීම කණගාටුවට කරුණක් බව එස්.බී.දිසානායක අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ බැඳුම්කර වංචාව මෙන්ම බැංකු මුදල් වංචාව අතර සබඳතාවක් පැවතීමේ හැකියාවක් ද පවතින බවයි.
අදාළ චෝදනාවන්ට වැරදිකරුවන් වූ පුද්ගලයින් හට නිසි දඞුවම් ලබාදීම කාලෝචිත බව එස්.බී.දිසානායක අමාත්‍යවරයා කියා සිටියි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පියල් නිශාන්ත මන්ත්‍රීවරයා පවසන්නේ බැඳුම්කර කොමිසම මඟින් අදාළ දූෂණ වංචා පිළිබඳ කොතෙක් හෙළිදරව් වුව ද චූදිතයින්ට දඞුවම් ලබාදෙන්නේ දැයි ගැටළුවක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here