ආණ්ඩුවට පිටරටට විකුණා ඇතිය යන බොරැව සමාජගත කරන ජවිපෙ ගිණුම්වල කෝටි 600 ක 700ක මුදල් තියනවා – ජොන්ස්ටන්

0
296

ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ගිණුම්වල ඇති රුපියල් බිලියන 6ක 7ක මුදල හැර රටේ අනෙකුත් සෑම දෙයක්ම ආණ්ඩුව පිටරටට විකුණා ඇතිය යන බොරුව සමාජගත කිරීමට උත්සාහ දරමින් සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 

“ජ.වි.පෙට මේ පොළොවේ පස් තියා කිසිම දෙයක අයිතියක් නැහැ. ඒගොල්ලො කැට හොල්ලලා හොයාගෙන ගිණුම්වල තැන්පත් කර ගෙන තිබෙන රුපියල් බිලියන 6 – 7 ගැන විතරයි ඒ අයට අයිතිය තිබෙන්නේ. ඒ අයගේ ගිණුමේ තිබෙන මුදල් විතරයි ලංකාවට අයිති, අනිත් රටේ සෑම දෙයක්ම පිටරටට විකුණලා කියන මතය තමයි ඔවුන් ඉදිරිපත් කරන්න හදන්නේ. රටේ සම්පත් විකුණනවා කියන බොරුව සමාජ ගත කරන්නන තමයි ඒ අය උත්සහ කරන්නේ. 71 දී සහ 89 දී මේ රටට කළ විනාශයට ජ.වි.ප.ය වගකිව යුතුයි. එල්.ටී.ටී.ඊ ය සහ ජ.වි.පෙ. මේ රටට කළ විනාශය නිසයි මේ රට ඉදිරියට නොගියේ. මේ අභියෝග සියල්ල ජයගෙන අපි අපේ රට ඉදිරියට ගෙන යනවා”

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ නව කැළණි පාලමේ ඉදිකිරීම් පිළිබඳව සොයාබැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here