ආණ්ඩුවේ ගැසට් ගැහිල්ලට ශ්‍රීලනිපයේ විරෝධය!

0
330

තත්ත්වයට පත් වුයේ අනවශ්‍ය ගැසට් නිවේදන නිසයි. සහල් මිල හෝ වී මිල පාලනයට ගැසට් පළ කළ යුතු නැහැ. ගොවීන් දුක් විඳ වගා කර ලබා ගන්නා අස්වැන්න ඉහළ මිලකට අලෙවි කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඊට ගැසට් මගින් මිල නියම කිරීම උචිත නැහැ.එමෙන්ම රජයේ ප්‍රතිපත්තිය වන්නේ ගොවියාත් පාරිභොගිකයාත් ආරක්ෂා කිරීමයි.නමුත් වී මිල පාලනය කිරීමට හා සහල් මිල පාලනයට පළ කරන ලද ගැසට් නිසා එහි වාසිය අත් වුයේ අතරමැදියන්ටයි. යුනවෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර සිටියේය.

පෙරේදා (30) පෙරවරුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය.

සහල් මිල ඉහළ යාම පාලනයට මෙන්ම වී ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමත්, පාරිභෝගිකයින්ට සහන මිලකට සහල් ලබා දීම සම්බන්ධව අවධානය යොමු කරමින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 05 රජයේ සහල් මෝල් 05ක් ආරම්භ කිරීමටත්, ඒ හරහා ගොවීන්ගෙන් වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමටත් පියවර ගන්නවා‘ යනුවෙන්ද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here