ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ බසිද්දී අනුරගේ ජනප්‍රියත්වය ඉහළ නගී

0
481

සමාජ මාධ්‍යය තුල ආණ්ඩුවට දැඩි අප්‍රසාදයක් හිමි වන මොහොතක ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් ඉහළට යන බවක් දක්නට ලැබේ.

ෆේස්බුක් මාධ්‍යය තුලද මේ වන විට ජන මතයක් ප්‍රකාශයට පත් වෙමින් පවතින්නේ ඉදිරි මැතිවරණ වෙනස් මාර්ගයකට ගෙන යාමේ පූර්ව පෙරණිමිත්තක් ලෙසිනි. එමෙන්ම යූ ටියුබය තුල මෙතෙක් ශ්‍රී ලංකාවේ දේශපාලනික වැඩසටහනක වැඩිම නැරඹුම් වාර ප්‍රමාණයක් ලබා ඇත්තේ මීට වසර කිහිපයකට පෙර විකාශය කෙරුණු හිරු නාලිකාවේ “සළකුණ” වැඩසටහනකට සහභාගි වූ මහින්ද රාජපක්ෂ මහතාගේ වීඩියෝව සඳහාය.

එසේ වැඩිම නැරඹුම් වාර සහිත දේශපාලන වැඩසටහන් අතර දෙවන ස්ථානය ලබා ගැනීමට පසුගිය සතියේ අනුර කුමාර මහතා සහභාගි වූ “සළකුණ” වැඩසටහනේ වීඩියෝව සමත්ව තිබීමද විශේෂත්වයකි.

කෙසේ නමුත් අනාවැකි කිව නොහැකි ශ්‍රී ලාංකේය දේශපාලය තුල ඉදිරි කාලය තුල වෙනස්ම ජනතා මනාපයක් හිමිවනු ඇතැයි මේ මොහොතේ ඇති ජන ආකල්ප අනුව නිගමනය කල හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here