Thursday, December 26, 2024

ආණ්ඩුවේ පක්ෂ කිහිපයක් ඇමති ගම්මන්පිලගේ නිවසේ රැස් වෙයි

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් ඊයේ යළිත් රැස්වී තිබෙනවා.

ඒ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිවසේදී යි.

මීට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවේ දී අවධානයට ගැනුණු කරුණු සහ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී පැමිණි එකඟතාවන් පිළිබඳව මෙහිදී යළි සාකච්ඡා වී තිබෙි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ස්වභාවික ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණය ඉදිකිරීම ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම සම්බන්ධයෙන් පවතින්නේ දැඩි කතාබහක්.

අදාළ ගනුදෙනුව පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් මීට පෙර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් වී සාකච්ඡාවක නිරත වුණා.

පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හමුවී සාකච්ඡා කළ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද මුණ ගැසුණා.

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් ලක් රජය සමඟ අවසන් ගිවිසුමකට එළැඹුණු බව අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම පසුගිය දා නිවේදනය කළා.

එහි නිල වෙබ් අඩවියට නිකුත් කර ඇති නිවේදනයක දැක්වුණේ කෙරවලපිටිය එල්.එන්.ජී. අංගනය, යුගදනවි බලාගාරයේ ආයෝජනය සහ මෙරට බලාගාරවලට ගෑස් සැපයීම අදාළ ගිවිසුමට ඇතුළත් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles