Sunday, December 29, 2024

ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන මුරුත්තෙට්ටුවේ හිමියෝ සහ ආචාර්ය විජේදාස පෝර්ට් සිටියට එරෙහිව මාධ්‍ය හමුවක

මෙරට චීන කොළනියක් බවට පත්කිරීමට තමන් විරුද්ධ බව අද අභයාරාමයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ පැවසූහ.

කොළඹ වරාය නගරයට හෝ එයට ආයෝජන ගෙන ඒමට විරුද්ධ නොවුනත් රටේ ස්වාධිපත්‍යට සිදුවන හානියට තමන් විරුද්ධ බව උන්වහන්සේ මෙහිදී පැවසීය. රට පත්ව ඇති අනතුරුදායක තත්ත්වය ගැන තමන් වහන්සේ දැනුවත් බව එහිදී උන්වහන්සේ පැවසූහ.

කවුරුන් කොහොම අයිතිවාසිකම් පැවසුවද පොදුජන පෙරමුණ ආරම්භ කරන ලද්දේ අභයාරාමයේදී බව මතක් කළ උන්වහන්සේ ඇතැමුන්ට මුල අමතක වී ඇති බව පැවසීය. එමෙන්ම ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී පැවසූයේ

” අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි ‍වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles