ආණ්ඩුවේ මාධ්‍යවේදීන්ටත් පොලීසියෙන් ගුටි

0
995

උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා හදාරන සිසුන්ගේ උද්ඝෝෂණයට පොලීසිය පොලු කැඩෙන තුරු පහර දෙද්දී මාධ්‍යවේදීන් ගණනාවක් කැමරා අාම්පන්න මානගෙන හොඳම ඡායාරූප ලබාගන්නට විය.

එහෙත් ඒ අතර සිටි බොහෝ මාධ්‍යවේදීන්ට මේ ගහනා ගැහිල්ල බලාඉන්නට බැරිවුණ නිසා කැමරා පැත්තකට දමා පොලීසියට අමු අමුවෙන් බනින්නට පටන් ගත්හ. මේ අතර සිටි ආණ්ඩුවේ ඉහලම චරිතයක නිල ඡායාරූප ශිල්පියාටද බලාගෙන ඉන්නට බැරි තත්වයක් උදාවිය.

“බල්ලො වගේ පොඩි එවුන්ට ගහන්න එපා..සක්කිලි වැඩ කරන්න එපා”

යනුවෙන් මෙම ඡායාරූප ශිල්පියා පොලීසියට බැන වැදී පහර වලක්වන්නට උත්සහ කරද්දී පොලිස් මැරයෝ එම ඡායාරූප ශිල්පියාටද බිව් කිරි කටින් එන්නට නෙලා ඇත.

තමන් රජයේ ඉහලම තැනක මාධ්‍යවේදියෙක් බව කියද්දීම පොලීසිය එයත් නොසලකා නෙලා ඇත. පසුව පොලීසයේ ඉහල නිලධාරියෙක් මෙම මාධ්‍යවේදියා හඳුනාගෙන දුවගෙන ඇවිත් බේරාගෙන පැත්තකට ගොස් ඇත. පොලිස් ලොක්කා මාධ්‍යවේදියාට කියා ඇත්තේ “වඳින්නම් මේක ලොක්කට නම් කියන්න එපා” යනුවෙන්ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here