මේ ආණ්ඩුව එක රැයකින් නිර්මාණය වූ ආණ්ඩුවක් නොවන බවත් 2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූ පසුව ඔය සුළු පක්ෂ යැයි හදුන්වන පක්ෂ විසින් සංවිධාන ගත වෙලා බොහොම මහන්සියෙන් හදපු ආණ්ඩුවක් බවත්,ඒ් මුල් යුගයේදී සමහරු නඩු වැටිලා හැංගිලා හිටපු අයබවත් අද ඔවුන් ඒ අයට ඒළියට යන්න යැයි පවසන බවත් එහෙම කියන්න අයිතියක් නොමැති බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඔහු මෙසේ පැවසීය.
“මේක මේ එක රැයකින් හැදුනු ආණ්ඩුවක් නෙවෙයි. 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිච්චි දවසේ ඉදන් සංවිධානගත වෙලා කෙරිච්ච වැඩක්. ඒතකොට ඒ් සංවිධානවල ඔය නඩු වැටිලා ඉදිරිපත් වෙන්න බයේ හැංගිලා හිටපු කවුරුවත් හිටියේ නෑ. ඔය සුළු පක්ෂ කියලා කියන පක්ෂ තමයි ඉදිරියට ඇවිත් ඒ් කටයුතු කළේ. ඒ් නිසා ඒහෙම කාටවත් ඒ් අය නෙරපන්න ඔන කියලා මතයක් හදන ඒක හොද වැඩක් නෙවෙයි. අඩුපාඩු සිද්ධ වෙනවා, වැරදි සිද්ද වෙනවා ඒ්වා විචෙනය කළ යුතුයි” යැයි ඔහු පැවසිය.