Monday, September 23, 2024

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කල ඉල්ලීම ජනපති ප්‍රතික්ෂේප කරයි – තීන්දු ගැන ගැටලුවක් ඇත්නම් නායක මහින්ද හෝ සංවිධායක බැසිල් හමුවන්න

ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 11ක් ඇමරිකානු සමාගමක් සමග අත්සන් කල යුදගනව් බලාගාර ගිවිසුම සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සඳහා කල ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකික්ෂේප කර තිබේ.

මෙම ඉල්ලීම කර තිබුනේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ජාතින නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජන බල පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ යුතුකම ජාතික සංවිධානය විසිනි.

යුදගනව් බලාගාරයේ කොටස් සියට 40ක් ඇමරිකානු සමාගමකට ලබා දීම සඳහා වන ගිවිසුම යලි සාකච්ඡා කල යුතු බවත් විධිමත් අධ්‍යනයකින් පසු විධිමත් ටෙන්ඩර් පටිපාටියක් යටගේ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුබවත් එම පක්ෂ විසින් ජනාධිපතිවරයාට යොමු කල ලිපියෙන් ඉල්ලා තිබෙයි.

තවද ගෑස් මගින් විදුලිය නිපදවීමේ ඒකාධිකාරය එක් සමාගමකට හිමිවීම තුලින් රටේ ස්වාධීනත්වයට අනතුරක් බවත් ඔවුන්ගේ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් එම පක්ෂ වෙත පිලිතුරු ලිපියක් මගින් දන්වා ඇත්තේ මේ පිලිබඳ තමා සමග නොව කැබිනට් මණ්ඩලයේ දී හෝ ආණ්ඩු පක්ෂ රැස්වීමකදි සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍ය බවයි. එසේම පොදුජන පෙරමුනේ දේශපාලන තීන්දු හා තීරණ සම්බන්දයෙන් හවුල්කාර පක්ෂ වලට ගැටලුවක් ඇත්නම් පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෝ පක්ෂයේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා විසින් යොමු කල ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් යුදගනව් බලාගාරය සම්බන්ධයෙන් වූ ගිවිසුම සම්බන්දයේන ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද විරෝධයක් එල්ල වුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles