ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 අද ජනපති හමුවෙයි

0
529

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අරලියගහ මැදුරේදී අද සවස පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.

මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතය.

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ තවත් ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ 11 නායකයින් විරෝධය දක්වා තිබූ අතර, ඔවුන් වෘත්තීය සමිති නායකයින් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය.

ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරතවීමට පක්ෂ 11 විසින් ඉල්ලීමක් මීට පෙර සිදුකර තිබූ නමුත්  ඒ සදහා අවස්ථාව ලැබී ඇතිතේ අද දිනයේ බවත් හවුල්කාර පක්ෂ සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here