ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ LNG බලාගාරය ගැන විශේෂ සාකච්ඡාවක

0
359

ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ කිහිපයක් පස්වරුවේ කොළඹදී හදිසි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවති එම සාකච්ඡාවට විමල් වීරවංශ / දයාසිරි ජයසේකර / වාසුදේව නානයක්කාර යන මහත්වරුන් සහ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ඇතුලූ පිරිසක් සහභාගී වුණා.

කෙරවලපිටිය එල් එන් ජී විදුලි බලාගාරය පිළිබද ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කල බවයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ ඔවුන් සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත මව්බිමට පැමිනි විගස මේ සම්බන්ධයෙන් ඔහු සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී කියා සිටියේ.

ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් වාසුදේව නානායක්කාර මහතාගෙන් ප්‍රශ්න කල අවස්ථාවේදී ඔහු ඊට පිළිතුරු නොදීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here