Sunday, January 12, 2025

ආණ්ඩුවේ හිටියත් ඇත්ත දේ අපි කතා කරනවා – දයාසිරි

කාබනික පොහොරවලින් පමණක් කෘෂිකර්මාන්තය පවත්වාගෙන යාමට ගෙන ඇති තීන්දුව කල් දමා නිසි වැඩපිළිවෙළක් අනුව ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා.

ඔහු ඊයේ වයඹ පළාත් සභාවට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

ඔහු එහිදී සඳහන් කළේ, කාබනික පොහොරවලින් 100%ක් දියුණු වුණු රටක් ලෝකයේ නොමැති බවය.

“පොහොර අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් යම් වෙනත් මතයක ඉන්නවා. ජනාධිපතිතුමාට ඒ අය ලිපියක් යවයි. මේ යෝජනාව පොඩ්ඩක් කල් දාගන්න කියලා. ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ගයට අපේ අකමැත්තක් නෑ. නමුත් කාබනික පොහොරවලින් 100%ක් දියුණු වෙච්ච රටක් ලෝකෙ කොහෙවත් නෑ. එක කන්නෙකින් මේක කරන්න ගියා ම තිබෙන අර්බුදය තමයි මේ තියෙන්නේ. අද හෙක්ටයාර ලක්ෂ 08ක් සාමාන්‍යයෙන් වී වගා කරනවා. දැම්ම ම හෙක්ටයාර හය හමාරකට අඩු වෙලා. මේක දුන්න විශේෂඥයින්ට අපි දැන් කියන්නේ කරුණාකරලා මේවට උත්තර දෙන්න. මොක ද මේක තුළ වෙන්නේ ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් විනාශ කරන වැඩපිළිවෙළක්. මේවා කියනකොට අපිට ගහන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ මේ තීන්දුව යම්කිසි ප්‍රමාණයකින් ආපසු කල් දාලා නිවැරදි ක්‍රමවේදයක් හා කාල රාමුවක් හදා ගන්න කියලා. නැත්නම් අපිටත් පාරට බහින්න බැරුව යනවා. ආණ්ඩුවේ හිටියත් ඇත්ත දේ අපි කතා කරනවා. ඒකට කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles