ආණ්ඩුව අසාර්ථකයි ඇමතිකමක් දුන්නත් එපා කියන අනුර යාපාගෙන් ආණ්ඩුවට දෝස් මුරයක්

0
281

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පසුව ආණ්ඩුව නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතාද ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් අදහස් දැක්වීමක් සිදු කොට ඇත.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඉතාම අසාර්ථක බව එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේය.

අද වන විට ලංකාව ආර්ථික වශයෙන් විශාල අර්බුදයට ගොස් ඇති බවත් ලංකාව ආසියාවේ දුප්පත්ම රට බවට පත් වීම වැලැක්වීමට නොහැකි බවත් ඒ මහතා කියා සිටියි.

වත්මන් ආණ්ඩුවට වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් හෝ අදහසක්ද නැති බවද ඔහු පෙන්වා දෙයි.

අද ආණ්ඩුව කරන කිසි දෙයක් ජනතාව නොදන්නා බවත්, ඇමැතිවරු පවා කියන කරුණු පිළිබද විශ්වාසයක් නැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

රටේ ජනතාව පවතින දේශපාලනය ගැන අතෘප්තිමත් නම් වෙනත් දේශපාලන බලවේගයක් එම ඉඩකඩ අත්පත්කර ගැනීම වැලැක්වීම කිසිවෙකුට නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

මෙ තත්ත්වය යටතේ විකල්පයක් බලයට ඒම වැළැක්විය නොහැකි බවත් ඒ මහතා කීය.

ආණ්ඩුවේ ඇමති ධුරයක් තමන්ට දුන්නත් බාර ගන්නේ නැතැයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

අන්තර්ජාල සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here