ආණ්ඩුව ඇලෝසියස්ට අරක්කු හදන්න දෙයි… Mendis නැවතත්!

0
414
පර්පෙචුවල් සමූහයේ හිමිකාර අර්ජුන ඇලෝසියස් මහතාට අයත් ඩබ්ලිව්.ඒ. මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි අවසර ලබා දී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, දැඩි කොන්දේසිවලට යටත්ව එම අවසරය ලබා දුන් බවය.

2018 වසරේදී මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කරනු ලැබුවේ, රජය ගෙවියයුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙනි.

ගෙවිය යුතු බදු මුදල් ප්‍රමාද ගාස්තු ද සහිතව යම් කාල රාමුවකට යටත්ව ගෙවන බවට ඇති කරගත් ගිවිසුමකට අනුව මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා යළි අවසර ලබා දී තිබේ.

මෙන්ඩිස් සමාගමට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර 03ක් ලබා දී ඇත.

ඒ, මත්පැන් නිෂ්පාදනාගාර 02කට සහ මත්පැන් ස්කාගාරයක් සඳහායි.

මොරගල්ල සහ වැලිසර ප්‍රදේශවල එම ආයතන පිහිටා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here