ආණ්ඩුව ඇවිදින මංතීරු හදන්නේ ඡන්දේ ගන්න නෙවෙයි – නාමල් රාජපක්ෂ

0
298

ඇවිදින මංතීරු ඉදිකරන්නේ දේශපාලන අවශ්‍යතාවකට නොව රටේ ජනතාවගේ සෞඛ්‍ය හේතුන් මත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පැවති වැඩසටහනකදී අදහස් පළ කළේය.

“ඇවිදින මංතීරු හදන්නේ දේශපාලන උවමනාවක් මත නෙවෙයි හදන්නේ සෞඛ්‍ය හේතුන් නීර්දේශ මත රටේ ජනතාවට මානසික සහ කායික සුවය ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න. ඇවිදින මංතීරු නිර්මාණය කරන්නේ ආණ්ඩුවට ඡන්දය ගන්න නෙවෙයි මංතීරු හදලා ඡන්දය ගත්ත ආණ්ඩුවක් නැහැ.

අපිට සංවර්ධන සැලැස්මක් තියෙනවා පොළොන්නරුවේ හුදකලා සිදුවීමක් ඒ පිලිබදව විරෝධයක් තියෙනවා නම් යු.ඩී.එකට පුළුවන් තීරණයක් ගන්න. ඇවිදින මංතීරු හදන්නේ දේශපාලන උවමනාවක් මත නෙවෙයි හදන්නේ සෞඛ්‍ය හේතුන් නීර්දේශ මත රටේ ජනතාවට මානසික සහ කායික සුවය ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න. ඇවිදින මංතීරු නිර්මාණය කරන්නේ ආණ්ඩුවට ඡන්දය ගන්න නෙවෙයි මංතීරු හදලා ඡන්දය ගත්ත ආණ්ඩුවක් නැහැ. දීපු කෙනෙකුත් නැහැ. අපේ ගේ ඉස්සරහා මංතීරුවක් හැදුවා කියලා ඡන්දය දුන්න කෙනෙක් ඉන්නවාද නෑ. කොළඹ මංතීරු හැදුවා එක්කෙනෙක් ඡන්දය දුන්නාද ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here